සුපිරි නළු තලපති විජේට ඉතිහාසගත ජයක් - සියලුම වාර්තා කුඩු පට්ටම්

Report

දෙමළ සිනමාවේ සුපිරි නළු විජේගේ TVK පක්ෂය 17 වන තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් ආසන 108ක් දිනා ගනිමින් දැවැන්ත ජයක් ලබා ගෙන ඇත. එරට මාධ්‍ය වාර්තා කරන්නේ දශක පහකට ආසන්න කාලයක් තමිල්නාඩු දේශපාලනය මෙහෙයවූ DMK සහ AIADMK පක්ෂවල ආධිපත්‍යය බිඳ දැමීමට මෙමගින් ඔහු සමත් වී ඇති බවයි.

මුත්තුවේල් කරුනානිදී සහ එම්.ජී.ආර්. වැනි දේශපාලන ප්‍රබලයන් දෙදෙනෙකුගේ දෑත් මත නිර්මාණය වූ DMK සහ AIADMK යන පාරම්පරික පක්ෂ දෙක සුනු විසුණු කරමින් සුපිරි නළු විජේගේ TVK පක්ෂය මෙම විශිෂ්ට ජයග්‍රහණය හිමිකරගෙන ඇත. මෙම මැතිවරණයේ දී DMK පක්ෂය ආසන 59කට සීමා වෙමින් ප්‍රධාන විපක්ෂය බවට පත්ව ඇති අතර AIADMK පක්ෂය ආසන 47ක් ලබා ගනිමින් තෙවන ස්ථානයට පත්ව ඇත.

සුපිරි නළු විජේට නරේන්ද්‍ර මෝඩිගෙන් සුභපැතුම්

සුපිරි නළු විජේට නරේන්ද්‍ර මෝඩිගෙන් සුභපැතුම්

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ TVK පක්ෂය ප්‍රාන්තය පුරා ඡන්ද කෝටි 1.6කට වඩා ලබා ගනිමින් 35%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇති බවය. කෙසේවෙතත් තමිල්නාඩු ප්‍රාන්තයේ බලය පිහිටුවීම සඳහා එක් පක්ෂයක් විසින් ආසන 118ක් ජයග්‍රහණය කළ යුතු අතර ටී.වී.කේ පක්ෂයට ඒ අනුව බලය පිහිටුවීම සඳහා තවත් පක්ෂයක සහාය ලබාගත යුතු වේ. ඔහු DMK පක්ෂය සිය දේශපාලන ප්‍රතිවාදියා ලෙසත්, BJP පක්ෂය ප්‍රතිපත්තිමය ප්‍රතිවාදිය ලෙසත් නම් කරමින් සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවා ඇත.

තලපති විජේගෙන් ඉතිහාසගත සිදුවීමක් - සුළු මොහොතකට පෙර වර්තමාන තමිල් නාඩු මහ ඇමති ස්ටාලින් පරාජය වේ

තලපති විජේගෙන් ඉතිහාසගත සිදුවීමක් - සුළු මොහොතකට පෙර වර්තමාන තමිල් නාඩු මහ ඇමති ස්ටාලින් පරාජය වේ

මෙම උපක්‍රමය හරහා තරුණ ප්‍රජාව, කාන්තාවන් සහ පළමු වරට ඡන්දය භාවිතා කරන පිරිස් ද ආකර්ෂණය කර ගැනීමට ඔහුට හැකියාව ලැබී ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී. චෙන්නායි කලාපය ඇතුළු නාගරික ප්‍රදේශවල විශිෂ්ට ජයක් අත්කර ගැනීමට TVK පක්ෂය සමත්ව ඇති අතර AIADMK පක්ෂයේ බලකොටු ලෙස සැලකෙන කොයම්බුතූර් සහ සේලම් වැනි නගරවලද සිය බලය තහවුරු කර ගැනීමට සමත්ව ඇත. නමුත් තමිල්නාඩුවේ මහ ඇමති ධූරය හිමි වීමට නම් එහි මැතිවරණ කොට්ඨාශ 234න් බහුතරය වන මැතිවරණ කොට්ඨාශ 118 ක බලය පක්ෂයක් අත්පත් කල යුතුය.

හිරිහැටියේම උඩුයටිකුරු වුණ තමිල්නාඩු මහ මැතිවරණයේ ප්‍රතිඵල - අවසන් තීරණය ජනතාව පිස්සු වට්ටයි

හිරිහැටියේම උඩුයටිකුරු වුණ තමිල්නාඩු මහ මැතිවරණයේ ප්‍රතිඵල - අවසන් තීරණය ජනතාව පිස්සු වට්ටයි

තලපති විජේගේ තමිලග වෙට්රි කලගම් පක්ෂය ඉදිරියෙන් සිටියද ඔවුන්ද බහුතර හිමිකරගෙන නැත. මේ හේතුව මත තලපති විජේගේ පක්ෂයට ෆ්ලෝර් ටෙස්ට් සහතික කරමින් ඉතිරි ආසන 10 සදහා තවත් පක්ෂයක් සමග ඒකාබද්ධ ආණ්ඩුවක් පිහිටවීමට සිදුවනු ඇත. බහුතරය විශ්වාස කරන ආකාරයට TVK පක්ෂය රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් කොන්ග්‍රස් පක්ෂය හා එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. අද උදෑසන තමිල්නාඩු ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා මේ වැඩපිළිවෙල සදහා TVK පක්ෂය සමග සාකච්චා ආරම්භ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.   මෙම ඒකාබද්ධ ආණ්ඩු තීරණය සම්බන්ධයෙන් තමන්ට සති දෙකක කාලයක් ලබා දෙන මෙන් ඔවුන් මේ වනවිට ඉහල අධිකාරීන්ට ලිපියක් ඉදිරිපත් කර තිබේ.

Gallery