දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද හදිසියේම සිදු වූ දේ

Corona Covid 19
By Sithumi Oct 16, 2021 01:08 PM GMT
Sithumi

Sithumi

Report

බස්නාහිර පළාතේ සිට දකුණු පළාතට ඇතුළුවීම සඳහා අධිවේග මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසල සිට දොඩම්ගොඩ දක්වා අද (16) කිලෝමීටර් ගණනාවක් දිගු වාහන පෝළිම් දක්නට ලැබුණි.

අද (16) දින සිට දින කිහිපයක දීර්ඝ නිවාඩුවක් එලඹෙන පසුබිමක මෙම වාහන පෝළිම් ඇතිවී තිබීම විශේෂත්වයකි. ඒ කොවිඩ් පාලනය සඳහා පළාත් අතර තවදුරටත් සංචරණ සීමා ක්‍රියාත්මක වී තිබියදීය.

වැලිපැන්න පිවිසුමේදී අද පෙරවරුවේ සිට පස්වරුව දක්වා එලෙස පැමිණි වාහන සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂාවන්වලදී නිසි අවසර පත්‍ර නොමැතිව බස්නාහිර පළාතේ සිට දකුණු පළාතට ඇතුළුවීමට පැමිණි වාහන 120ක් පමණ ආපසු හරවා යැවීමට කටයුතු කර තිබේ.

වැලිපැන්න අධිවේග රථවාහන පොලීසිය ඒ බව පැවසීය. එලෙස පැමිණි වාහන වැලිපැන්න පිවිසුමේදී දැඩි පරීක්ෂාවට ලක්කිරීම හේතුවෙන් වාහන රියදුරන්ට පැය ගණනාවක් දිගු පෝලිම්වල රැඳී සිටීමට ද සිදුවිය