වාහන ආදායම් බලපත්‍රය අලුත් නොකළ වාහන සම්බන්ධයෙන් ගත් තීරණයක්..
By krishani
වාහන ආදායම් බලපත්‍රය වසර 5කට වැඩි කාලයක් අලුත් නොකළ වාහන අසාදු ලේඛනගත කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ වනවිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන ලක්ෂ 83ක ප්‍රමාණයක් ලියාපදිංචි වී තිබුණ ද, QR කේතය හරහා ලියාපදිංචි වී ඇත්තේ ලක්ෂ 60ක පමණ ප්‍රමාණයක් බව වාර්තා වේ.
කෙසේවෙතත්, ඒ අනුව වසර 5කට වඩා එක දිගට ආදායම් බලපත්‍ර ලබා නොගෙන සිටින වාහන සොයා දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂකවරු හරහා එම වාහන තොරතුරු පද්ධතියෙන් ඉවත් කරන බව සඳහන් වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |