අපයෝජනයට ලක්වන දරුවන්ගේ වීඩියෝ සාක්ෂි ගන්න ඒකක 9ක්
මෙරට ලිංගික අපයෝජනයට ලක්වන දරුවන්ගේ සාක්ෂි වීඩියෝ පටිගත කිරීම සඳහා පළාත් මට්ටමින් ඒකක නවයක් පිහිටුවීමේ කටයුතු ඉදිරියේදි සිදුකරන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ සඳහන් කර ඇත.
ඒ වගේම සභාපතිවරිය ප්‍රකාශ කර තිබෙනුයේ පසුගිය කාලයේ මෙම කටයුතු කිරීමට අවශ්‍ය කාර්ය මණ්ඩල හිඟයක් පැවතුනු අතර මේ වනවිට එම කාර්ය මණ්ඩලය බඳවාගෙන අවසන් බවයි.
ඒ වගේම දරුවන්ගේ සාක්ෂි පටිගත කරන්නේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ සහ රාගම රෝහලේ පිහිටි ඒකක දෙකක බව වාර්තා වී ඇත.
ඇය තව දුරටත් ප්‍රකාශ කළේ අනුරාධපුරයේ හා ගාල්ලේ රෝහල් ඒකකවල එම පටිගත කිරිම් ආරම්භ කිරීමට අවශ්‍ය උපකරණ සපුරා ගැනීමට අධිකාරියට හැකියාව ලැබුණු බවයි.
ඒ වගේම එම පළාත් දෙකෙහිද, අපයෝජනයට ලක්වන දරුවන්ගේ සාක්ෂි වීඩියෝ පටිගත කිරීම් සිදුකරන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරිය වැඩිදුරටත් සඳහන් කර ඇත.
ජාතික ළමාරක්ෂක අධිකාරියට මෙම කටයුතු සිදුකිරීමට කැබිනට් අනුමැතිය ලබා දී මේ වනවිට 05ස් වසරකට ආසන්න කාලයක් බවයි වාර්තා වේ එහෙත් මේ දක්වා ආරම්භ කර ඇත්තේ ඒකක දෙකක් පමණක් වන බව සදහන් වේ .
ඒ වගේම පළාත් මට්ටමින් මෙම ඒකක පිහිටුවා සාක්ෂි පටිගත කිරීම් සිදුකර විමර්ශන කඩිනමින් අවසන් කිරීමට කටයුතු කළ යුතු බවටයි ජාතික විගණන කාර්යාලය සිදුකළ පරික්ෂණයකින් අනතුරුව පසුගියදා නිර්දේශ කර තිබේ