පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට තමන්ව අත්අඩංගුවට එපා - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගෙන් රිට් පෙත්සමක්
පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාලව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
පෙත්සමේ නම් කර ඇති වගඋත්තරකරුවන් අතර පොලිස්පති (පොලිස්පති), නීතිපති සහ තවත් අදාළ නිලධාරීන් කිහිප දෙනෙකු ඇතුළත් වේ. මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවේය.
ප්‍රභාකරන්ගේ පුතා මැරුණොත් ඒක යුධ අපරාධයක් වෙන්න ඕනේ - රෝහණ විජේවීරගේ දරුවෝ ආරක්ෂිතයි සහරාන්ගේ දරුවෝ ආරක්ෂිතයි එහෙනම් ඇයි ප්‍රභාකරන්ගේ දරුවන් විතරක්?
එහිදී රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළව වග උත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා කාලය ලබා දෙන ලෙසත්ය.
එහිදී පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සදහන් කලේ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමේ අත්‍යසන්න තත්ත්වයක් උද්ගත වී ඇති නිසා මෙම පෙත්සම ඉදිරිපත් කළ බවයි.
දුරකථනයක් භාවිතා කරනවානම් හෝ බැංකු ගිණුමක් තියෙනවනම් අනතුරු ඇඟවීමක් - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්
එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන සඳුදා කැඳවීමටයි. එළඹෙන සති අන්තයේ ඕනෑම දෙයක් සිදු වීමට හැකියාව තිබෙන හෙයින් අදාල පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මෙම සතිය තුළ දිනයක් ලබා දෙන ලෙස එහිදී නීතීඥවරයා ඉල්ලා සිටියා.
කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම ලබන 12 වනදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙස නියම කළා. පෙත්සම්කරු පවසන්නේ පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාලව තමන්ව කිසිදු සාධාරණ පදනමක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ අනතුරක් උද්ගතව තිබෙන බවයි.