මෙරට ප්‍රධානතම මාර්ගයක් හදිසියේම වසා දැමේ..! විවෘත වන වෙලාව මෙන්න..
පොලිසිය පවසන්නේ, කොළඹ – අවිස්සාවේල්ල පරණ පාරේ ජල නල නඩත්තු කටයුත්තක් හේතුවෙන්,වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්ධිය දක්වා මාර්ග කොටස තාවකාලිකව වසා දැමෙන බවයි.
ඊයේ(06) රාත්‍රියේ එම මාර්ග කොටස වසා දැමුණු අතර එය අද පස්වරු 05 දක්වා වසා තැබෙනු ඇති.
ඒ අනුව පොලිසිය ප්‍රකාශ කළේ, භාවිත කළ හැකි විකල්ප මාර්ග ලෙස අවිස්සාවේල්ල සිට කොළඹ දෙසට ධාවනය වන රථවාහන කොටිකාවත්ත හන්දියෙන් වමට හැරී ගොතටුව නගරයෙන් කොලොන්නාව නගරය හරහා දෙමටගොඩ දෙසින් බේස්ලයින් මාර්ගය හෝ කොළොන්නව මංසන්ධියෙන් නැවත අවිස්සාවේලාවට පිවිසිය හැකියි.
එමෙන්ම කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය වන රථ වාහන ඔරුගොඩවත්ත, අවිස්සාවේල්ල මාර්ගයෙන් වැල්ලම්පිටිය පොලිස් ස්ථානය ඉදිරිපිටින් දකුණට හැරී කොලොන්නාව හරහා ගොතටුව නගරයෙන් වමට හැරී කොටිකාවන්ත මංසන්ධියෙන් නැවත අවිස්සාවේල්ල මාර්ගයට පිවිසිය හැකි බවයි.
