සුනඛයා නිසා අවසන් ගමන් ගිය නිමේෂා

accident valipanna nimesha hansani iththaapana koopiyavaththa
By Sewvandhi Apr 27, 2021 10:51 AM GMT
Report

තරුණ යුවළක් ගමන් ගත් යතුරු පැදියක සුනඛයෙකු ගැටී සිදු වූ අනතුරින් තරුණිය මියගොස් තරුණයා බරපතළ තුවාල ලබා ඇතැයි වැලිපැන්න පොලිසිය පවසනවා.

අනතුරින් මියගොස් ඇත්තේ ඉත්තෑපාන ප‍්‍රදේශයේ පදිංචි නිමේෂා හංසනී නැමැති නමැති 18 හැවිරිදි තරුණියක්. මෙම අනතුර සිදුව තිබෙන්නේ කෝපියවත්ත පරෙයිගම මාර්ගයේ කෝපියවත්ත උතුම්ගම ප්‍රදේශයේදියි.

බරපතළ තුවාල ලැබූ දෙදෙනා වෑත්තෑව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී තරුණිය මිය ගොස් තිබෙනවා.

මෘත දේහය නාගොඩ මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට ප‍්‍රථම පිසීආර් පරීක්ෂණයකට යොමු කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi