වසර 8කට පසු මී. 4x100 සහය දිවීමේ තරගයෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

Report

චීනයේ ෂැන්ගු නුවර අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන ආසියානු සහාය දිවීමේ ශූරතාවලියේදී පිරිමි මීටර් 4 ගුණ කිරීම 100 සහය දිවීම ඉසව්වේ අතිවිශිෂ්ට නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම අද 21 වැනි දින සමත් විය.

මුළු තරගයේ සිව්වැනි ස්ථානය දිනාගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම ඓතිහාසික දක්ෂතාව දැක්වූ අතර ඒ සඳහා ඔවුන් වැයකළ සමස්ත කාලය තත්පර 38 යි දශම 63 කි.

කාලගුණයම උඩුයටිකුරු කරමින් අද උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට

කාලගුණයම උඩුයටිකුරු කරමින් අද උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට

ලක්මව ජාත්‍යන්තර තලයේ බැබළවූ මෙම තීරණාත්මක තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දෙනෙත් වීරරත්න, චමෝද් යෝදසිංහ, චලිත් පියුමාල් හා මෙරොන් විජේසිංහ යන දක්ෂ ක්‍රීඩකයෝ එක්වූහ.

මෙම සුවිශේෂී ඉසව්වේ පෙර පැවති ශ්‍රී ලංකා වාර්තාව ලෙස සටහන්ව තිබුණේ මීට වසර 8 කට පෙර එනම් 2018 වසරේ ගෝල්ඩ් කෝස්ට් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී තත්පර 39 යි දශම 08 ක කාලයකින් පිහිටුවා තිබූ ජාතික වාර්තාවයි.

එවර එම පැරණි වාර්තාවට ෂෙහාන් අඹේපිටිය, විනෝද් සිල්වා, හිමාෂ ඊෂාන් සහ මොහොමඩ් අෂ්රොෆ් යන ප්‍රවීණ ක්‍රීඩකයින් හිමිකම් කියූහ.

තුන්කොන් සටනේ ජය ඉන්දීය A කණ්ඩායමට

තුන්කොන් සටනේ ජය ඉන්දීය A කණ්ඩායමට

ජාත්‍යන්තර මලල ක්‍රීඩා ඉතිහාසයේ දෙවන වරට පැවැත්වෙන මෙම ආසියානු සහාය දිවීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකා නව වාර්තාව පිහිටවූ මෙම සුවිශේෂී තරගයේ රන් පදක්කම සත්කාරක චීනය විසින් දිනාගත්තේය.

එමෙන්ම එහි රිදී පදක්කම තායිලන්තය දිනාගත් අතර ලෝකඩ පදක්කම චීන තායිපේ රාජ්‍යයට හිමිවිය.