මනුෂ්‍ය ඝාතන සහ වෙඩි තැබීම් රැසකට සැකකරුවෙක් වෙන අහුන්ගල්ලේ ලොකු පැටීගේ ප්‍රධාන ගෝලයෙක් මාට්ටු
මෙරට පාතාල ලෝකයේ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අහුන්ගල්ලේ ලොකු පැටී නැමැත්තාගේ සමීපතම සහ ප්‍රධානතම වෙඩික්කරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සුවිශේෂී වැටලීමකදී සාර්ථකව අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් බුද්ධි නිලධාරීන්ට ලැබුණු සුවිශේෂී මෙන්ම රහසිගත බුද්ධි තොරතුරකට අනුව ක්‍රියාත්මක වෙමින් මෙම ද්වේශසහගත අපරාධකරු කුරුණෑගල ප්‍රදේශයේ සඟව සිටියදී මෙලෙස ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.
පොලිස් මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් මෙම භයානක වෙඩික්කරු විවිධ අපරාධ කල්ලි සමඟ සම්බන්ධ වෙමින් අහුංගල්ල සහ නාත්තන්ඩිය යන ප්‍රදේශවල ස්ථීරව මෙන්ම තාවකාලිකව පදිංචිව සිට ඇති බවය.
ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතන සහ වෙඩි තැබීම් රැසකට මොහු සෘජුවම සම්බන්ධ බවට සැක කෙරෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ප්‍රදේශයේ පොලීසිය එක්ව වැඩිදුර විමර්ශන පුළුල් කර තිබේ.