මැදපෙරදිග උණුසුම සමඟ ලොව පුරා සිටින අමෙරිකානුවන්ට විශේෂ අනතුරු ඇඟවීමක්

Report

මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් නිසා ලොව පුරා සිටින අමෙරිකානුවන්ට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් යාවාත්කාලීන අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව පවතින තත්ත්වය නිසා ලොව පුරා මෙන්ම විශේෂයෙන් මැදපෙරදිග සිටින අමෙරිකානුවන්ට වැඩි අවධානයක් යුතුව කටයුතු කරන ලෙස සිය X සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

එමෙන්ම එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම්දී තිබුණේ සියලු අමෙරිකානුවන් ළඟම පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය හෝ කොන්සල් කාර්යාලය විසින් නිකුත් කර ඇති ආරක්ෂක අනතුරු ඇඟවීම්වල මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවත් ය.

ලෝකෙම බිය වද්දමින් අමෙරිකාවෙන් ප්‍රකාශයක් - යුදමය තත්ත්වය වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සැපයීමට වොෂින්ටනයට පූර්ණ හැකියාව

ලෝකෙම බිය වද්දමින් අමෙරිකාවෙන් ප්‍රකාශයක් - යුදමය තත්ත්වය වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සැපයීමට වොෂින්ටනයට පූර්ණ හැකියාව

තවද කාලානුරූපව ගුවන් අවකාශය වසා දැමීම මෙන්ම මැද පෙරදිගින් පිටත ඇතුළුව එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික පහසුකම් ඉලක්ක විය හැකි බවත් ඉරානයට සහාය දක්වන කණ්ඩායම් විදේශයන් හී අනෙකුත් එක්සත් ජනපද අවශ්‍යතා හෝ එක්සත් ජනපද හා ලොව පුරා අමෙරිකානුවන් හා සම්බන්ධ ස්ථාන ඉලක්ක විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබෙනවා.

එනිසා වැඩි අවධානයකින් යුතුව කටයුතු කරන ලෙසත් දන්වමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ලොව පුරා සිටින සියලු අමෙරිකානුවන්ට යාවාත්කාලීන අනතුරු ඇඟවීමක් සිදු කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ පණිවිඩයක් සම්බන්ධයෙන් පොලීසියෙන් විශේෂ නිවේදනයක්

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ පණිවිඩයක් සම්බන්ධයෙන් පොලීසියෙන් විශේෂ නිවේදනයක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - අලුත් අවුරුද්දට සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවල රට පුරා විශේෂ වැඩක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - අලුත් අවුරුද්දට සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවල රට පුරා විශේෂ වැඩක්

කොළඹට එන සියලුම දෙනාට විශේෂ නිවේදනයක්

කොළඹට එන සියලුම දෙනාට විශේෂ නිවේදනයක්