ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි - කොත්මලේ ඔය දෙපස ජනතාවට අනතුරු ඇඟවීමක්

By Malith Madushan Aug 03, 2026 04:20 AM GMT
Report

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් අද (03) අලුයම ස්වයංක්‍රීයව විවෘත වී ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරුන් සඳහන් කරයි.

තවදුරටත් එම ජල පෝෂක ප්‍රදේශවලට දැඩි වැසි පවතින්නේ නම්, ජලාශයේ අනෙකුත් වාන් දොරටු ද ස්වයංක්‍රීයව විවෘත වීමේ හැකියාව පවතින බව ඔවුහු පවසති.

තද වැසි සහ සැර සුළං ගැන කාලගුණෙන් රතු එළියක් - දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී. 100 පැන්නුම් වැසි

තද වැසි සහ සැර සුළං ගැන කාලගුණෙන් රතු එළියක් - දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී. 100 පැන්නුම් වැසි

ඒ අනුව, ජලාශ වේල්ලට පහළින් කොත්මලේ ඔය දෙපස පදිංචි ජනතාව අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දී තිබේ.

මේ අතර, ප්‍රදේශයට පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් සෙන් ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇලිවල ජල ප්‍රවාහය ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

මාරාන්තික රෝගයක් ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වෙයි - වැඩිම රෝගීන් ගන්න ජූලි මාසයෙන්

මාරාන්තික රෝගයක් ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වෙයි - වැඩිම රෝගීන් ගන්න ජූලි මාසයෙන්

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...