ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කෙරේ
By Kanchana
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තව දුරටත් ඇදහැලෙන ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් අද (26) දින අලුයම ස්වයක්‍රීයව විවෘත වී තිබෙන බව ජලාශභාර ඉංජිනේරුවරුන් ප්‍රකාශ කර තිබේ.
ඒ වගේම ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික වැසි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වේ.
ඒ හේත්වෙන් ආපදා කලමණාකරණ ඒකකය ඉල්ලා සිටින්නේ එම ජලාශ වේල්ලට පහළින් කොත්මලා ඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් ලෙස සිටින ලෙසයි.
තවද මෙම ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් නිසා සෙන් ක්ලෙයාර් සහ ඩෙවොන් දිය ඇළි වල ජල ධාරිතාවද සීඝ්‍රයෙන් ඉහල ගොස් ඇත.