අනුරට සද්දේ දැම්ම සංගීත් ගෙන්වයි - වෙන්න ඕනෙ මොකක්ද කියලා මූණටම අහයි
පසුගියදා ජනපති අනුර කුමාර දිසානායකට සහාය පළ කෙරූ ගායන ශිල්පී සංගීත් වීරසූරිය විසින්ම මෙම ආණ්ඩුව විසින් ගෙන යන වැඩපිළිවෙළ විවේචනයට ලක් කළේය.
එහිදී ඔහු සඳහන් කළේ මේ ආණ්ඩුවත් බොරු ෂෝ එකක් දාලා මත්ද්‍රව්‍ය අල්ලලා ඒවා විනාශ කරන්නැතුව නිකම් මිනිස්සුන්ට පේන්න වැඩ කරනවා කියලයි.
ඒ වගේම ඔහු අවසානයේ සඳහන් කළේ මේ වෙද්දී ඔහුගේ සින්දුවත් මිනිස්සු අහන්නේ නෑ කියලයි.ඔහු කිසිදු ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් අනුර කුමාර දිසානායකට සහාය ඵල නොකෙරූ බවත් සඳහන් කළේය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් සහ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අවධානය යොමු කෙරූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම අරමුණු කරගත් 'රටම එකට' ජාතික මෙහෙයුම් මේ දෙවැනි සැසියට සංගීත් විජේසූරියට ද ආරාධනා කළේය.
ඒ අනුව එහිදී ප්‍රශ්න කිරීම් වල දේ ගායන ශිල්පී සංගීත් සඳහන් කළේ පහත ආකාරය ප්‍රකාශයකි.
"මම මේක ගැන දන්න හින්ද කියන්නේ. කලින් මේ වගේ අල්ලුවෙත් නෑ. ඇල්ලුවත් ඒව කුරක්කන් පිටි වුණා. මත්ද්‍රව්‍ය නෙවෙයි වුණා. ඒවා මාකට් එකට යනවා. ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවා, Sample අරගෙන මේවා විනාශ කරන්න පුළුවන් විදියේ නීති හදන්න. ජනාධිපතිතුමා පොරොන්දු වුණා නීතියක් හදනවා කියලා. කළින් අයට යෝජනා කළා.
ඒ කාලෙ දේශපාලකයින්ට ඕන වුණේ නෑ ඒගොල්ලො මේකෙ කොටස්. PARTS. ජනාධිපතිතුමා හදවතින්ම මේක කරනවා කියලා මට තේරෙනවා. මම කරපු ප්‍රකාශය වැරදියට අර්ථකතනය කරලා ගිහිල්ලා තියෙන්නේ."