දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ (BIMSTEC) කාර්ය සාධක බලකායේ හත්වන සමුළුවවේ සමාරම්භය අද
දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ (BIMSTEC) කාර්ය සාධක බලකායේ හත්වන සමුළුව-2025 (Seventh meeting of the BIMSTEC Task Force on Traditional Medicine-2025) සමාරම්භක උත්සවය අද (26) පෙරවරු 9.00ට ආරම්භ වීමට නියමිතයි.
ඒ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙනි BTFTM යනු විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන අංශය යටතේ ඇති ආංශික කණ්ඩායමකි.
මෙම සමුළුවට ලංකාවෙන් මෙන්ම බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, තායිලන්තය යනාදී රටවල් හතක් නියෝජනය කරමින් නියෝජිතයින් ද සහභාගීවීමට නියමිතව ඇත.
තවද එය සාමාජික රටවල් තුළ දේශීය වෛද්‍ය ක්‍රම සංවර්ධනය හා ප්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමු කරනු ලබයි දේශීය වෛද්‍ය විද්‍යාව BIMSTEC කලාපයේ පොහොසත් උරුමයක් දරනු ලබයි.
ඒ වගේම පරම්පරා ගණනාවක් පුරා පැවත එන දැනුම හා භාවිතයන් රාශියක් ඇතුළත් වේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදේශීය වෛද්‍ය ක්‍රම අංශය කටයුතු කර ඇත්තේ මෙම සමුළුව 27 වන දින දක්වා පුරා දෙදිනක් පැවැත්වීමට කටයුතු කර ඇති බවයි.