විශේෂ නිවාඩුවක් - අයහපත් කාලගුණය නිසා මේ පැති වලට දින නියමයක් නැතිව නිවාඩු
අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ ඇතැම් පාසල්වලට දින නියමයක් නොමැතිව නිවාඩු ලබා දී ඇත. ඌව පළාතේ සියලුම පෙර පාසල් දින නියමයක් නොමැතිව වසා දමන බවට නිවේදනයක් නිකුත් කර ඇත.
ඌව පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරිය නිවේදනය නිකුත් කර ඇත. ශ්‍රී ලංකාවට දකුණින් පිහිටා ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 30 තුළ පීඩන අවපාතයක් දක්වා ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ හේතුවෙන්, රට තුළ දැනට පවතින වැසි සහිත කාලගුණය සහ සුළං තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ (නොවැම්බර් 25 - 29) තවදුරටත් තීව්ර වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර ඇත.
ඒ අනුව, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමහර ස්ථානවල මිලිමීටර් 150 දක්වා ඉතා තද වර්ෂාපතනයක් ඇති විය හැකිය. මෙම තත්ත්වය තුළ, ඌව පළාතේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් සියලුම පෙර පාසල් සඳහා දින නියමයක් නොමැතිව නිවාඩු ලබා දී ඇත.