කෝටි ගාණනක විදෙස් දුම්වැටි තොගයක් මාට්ටු
රුපියල් එක්කෝටි 68,500,000ක ආසන්න වටිනාකමක්නැති විදේශීය දුම්වැටි තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව අත්අඩංගුවට පත් වූ මෙම පුද්ගලයින් ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති අතර ඔවුන් අලුත්ගම, යටියන්තොට සහ මාවනැල්ල ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයන් ලෙස හඳුනාගෙන ඇත.
ඔවුන්ගේ ගමන් මලු තුළ තිබී "ප්ලැටිනම්" දුම්වැටි 119,000ක් අඩංගු කාටූන් 595ක් පොලීසිය විසින් ප්‍රමාණවත් විමර්ශනයකින් පසුව සොයා ගෙන ඇත.
සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එක් අයෙකුට රුපියල් ලක්ෂ 03 බැගින් දඩයක් ගෙවීමට අධිකරණය නියෝග කළේය.