යාපනය ශික්ෂණ රෝහල පිළිබඳව දැනුම්දීමක්
යාපනය ශික්ෂණ රෝහලේ පරිපාලන නිලධාරීන් පවසන පරිදි, රෝහලේ දැනට සිදු කරන ප්‍රතිකාර සහ සත්කාර ක්‍රියාකාරකම් කාර්යක්ෂමව, වඩාත්ම වර්ධනය කරගැනීමට කාර්යමණ්ඩල අවශ්‍යතාවයක් මතුව ඇති බවයි.
මෙය සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදු කළ ආයතනික සමාලෝචනයෙන්ද අනාවරණය වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 21 වනදා පාර්ලිමේන්තුවේ රැස්වූ කාරක සභාවේදී, යාපනය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් බවට පරිවර්තනය කිරීමට ඇති අවශ්‍යතාවයද කාරක සභාවට දැනුම් දී ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේ, ලංකාවේ දැනට ජාතික රෝහල් 3ක් පවතින අතර, අවශ්‍ය නිර්ණායක සම්පූර්ණ කිරීමෙන් පසු යාපනය ශික්ෂණ රෝහලද ජාතික රෝහලක් බවට පරිවර්තනය කිරීමට බලාපොරොත්තු වන බවයි. එමෙන්ම, රෝහලේ කාර්ය මණ්ඩලය පිළිබඳ නැවත සමාලෝචනය සිදුකිරීමේ අවශ්‍යතාවයද කාරක සභා සභාපතිවරයා සඳහන් කළා.
තවද, රෝහලේ පරිපාලන ක්‍රියාකාරකම් සහ විනිවිදභාවය ආරක්ෂා කිරීම සඳහා යාපනය ශික්ෂණ රෝහලට අභ්‍යන්තර විගණකවරයෙකු පත්කරන ලෙසත්, රෝහල් පරිපාලන බලධාරීන් කාරක සභාවෙන් ඉල්ලා සිටිති.