ශ්‍රී දළදා මාළිගාවේ හිස තෙල් ගෑමේ චාරිත්‍රයට ජනපති එක්වෙයි

Report

මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ ශ්‍රී නාථ දේවාල භූමියේදී ආරම්භ වූ රාජ්‍ය හිස තෙල් ගෑමේ මහෝත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වී තිබේ.

සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව හිසතෙල් ගෑමේ සුභ මොහොත අද(15) පෙරවරු 6:55ට යෙදී තිබේ.

එම නැකත අනුව, කොළ (පච්ච) පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාවට මුහුණලා, හිසට කොහොඹ පත් සහ පයට කොලොන් පත් තබා, කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු සහ තෙල් භාවිතයෙන් ස්නානය කිරීම සුදුසු බව සඳහන් වේ.

අද සිට කොළඹ එන්න බස් සහ දුම්රිය සේවාව - මෙන්න විස්තරේ

අද සිට කොළඹ එන්න බස් සහ දුම්රිය සේවාව - මෙන්න විස්තරේ

මෙම අවස්ථාවට සමගාමීව හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි ශ්‍රී මහා නාථ දේවාල භූමියේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමට නියමිතය.

සුභ ආරංචියක් - හදිසියේම තෙල් මිල පහළට

සුභ ආරංචියක් - හදිසියේම තෙල් මිල පහළට