සුළු මොහොතකට පෙර හිසතෙල් ගෑමේ නැකත උදාවිය
සිංහල අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් පරිදි හිස තෙල් ගෑමේ නැකත අද (15) පෙරවරු 6.55ට උදාවිය.
එම නැකත අනුව, කොළ (පච්ච) පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාවට මුහුණලා, හිසට කොහොඹ පත් සහ පයට කොලොන් පත් තබා, කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු සහ තෙල් භාවිතයෙන් ස්නානය කිරීම සුදුසු බව සඳහන් වේ.