ඊශ්‍රායල හා ලෙබනන සාකච්ඡා අසාර්ථකයි - මෙන්න විස්තරේ
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝගේ ප්‍රධානත්වයෙන් වොෂින්ටන් ඩීසි හි ඊශ්‍රායලය සහ ලෙබනනය අතර පැවැති සාකච්ඡා අවසන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසේ නමුත්, වාර්තා වෙන්නේ කිසිදු පැහැදිලි එකඟතාවයකට පැමිණීමට දෙපාර්ශ්වය සමත් වී නොමැති බවටයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ අනාගතයේදී අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ වේලාවක සහ ස්ථානයකදී නිල සාකච්ඡා ආරම්භ කිරීමට දෙපාර්ශ්වයම මෙහිදී එකඟතාවය පළ කර ඇති බවයි.
දශක තුනකට වැඩි කාලයකට පසු ලෙබනනය සහ ඊශ්‍රායලය පැවැත්වූ ඔවුන්ගේ පළමු රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාව මෙය වේ.
ලෙබනනය සහ ඊශ්‍රායලය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මීට පෙර පවත්වා ඇත්තේ 1993 දීය. අමෙරිකාව විසින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන දින කිහිපයකට පසුව ඊශ්‍රායල සහ ලෙබනනය අතර ගැටුම් ආරම්භ වූ අතර, මෙම ප්‍රහාර හමුවේ පුද්ගලයින් 2,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයින් 6,500කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත.