විමල් වීරවංශ CIDයට - ඒ පාර මොකද මේ

Report

හෙට (12) පෙරවරුවේ යළිත් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාව තංගල්ල පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසයට කැදවා තිබේ.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාව මෙලෙස කැදවීමට හේතුව වී ඇත්තේ ‘පුවක්දණ්ඩාවේ සනා’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම් සැකකරු සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය මැතිවරණ සමයේදී ආහාර ලබාගත් බවට ඔහු විසින් කල ප්‍රකාශයකට අනුවය.

අන්තිම සටනේ ශ්‍රී ලංකා හමුදාව දෙමළ ජනතාව සමූල ඝාතනය කරා මම ඊට සාක්ෂියි - මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර්

අන්තිම සටනේ ශ්‍රී ලංකා හමුදාව දෙමළ ජනතාව සමූල ඝාතනය කරා මම ඊට සාක්ෂියි - මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර්

පසුගිය ඔක්තෝබර් 08 වන දින ද ඒ සම්බන්ධයෙන් වීරවංශ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තද, එම ප්‍රකාශය ප්‍රමාණවත් නොවන බව සලකා මෙම කැඳවීම යළි සිදුකර ඇත.

ඔක්තෝබර් 08 වන දින ප්‍රකාශය ලබා ගන්නා අවස්ථාවේදී අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හදිසියේ රෝගාතුර වීම හේතුවෙන්, එම ප්‍රකාශය සටහන් කරගෙන ඇත්තේ වෙනත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු විසින් වීමද මෙම යළි කැඳවීමට හේතුව වී ඇත.

කිරි සප්පයෙක් දියේ ගිලී මැරුණට සහකාර විදුහල්පති ඇතුළු 7 දෙනෙක් අත්අඩංගුවට

කිරි සප්පයෙක් දියේ ගිලී මැරුණට සහකාර විදුහල්පති ඇතුළු 7 දෙනෙක් අත්අඩංගුවට