අනිවාර්යෙන්ම විදුලිබිල වැඩි වෙනවා - විශේෂ හේතුවක් එළියට
නැවත වතාවක් විදුලි බිල 6.8කින් වැඩි වීමට නියමිත බව සඳහන් වේ. ඒ අනුව මේ වන විටත් සීයට 6.8කින් විදුලිබිල වැඩි කිරීමට අදාළ යෝජනා ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදී තිබේ.
ඒ වගේම පසුගියදා එය පිළිබඳව මහජන අදහස් විමසීම ද සිදුවිය.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම හා නිර්දේශ මත ඉදිරියේදී විදුලි බිල අනිවාර්යයෙන් ම වැඩි කිරීමට ශ්‍රී ලංකා රජයට සිදු වී තිබෙන බව වාර්තා වේ.
විදුලි ගාස්තු අය කිරීම ඉහළ දැමීමට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවට මෙම මාසයේ ලබා දිය යුතු බව ත් එය මූල්‍ය අරමුදල සමග වැඩසටහනේ 5 වන සමාලෝචනයේ කොටසක් බව ත් අරමුදල සඳහන් කර ඇත.
එම අරමුදල විසින් ලබා දී ඇති විස්තීරණ ණය පහසුකමේ ඊළඟ ණය වාරිකය ලබා දීමට පෙර සිදු කරන කාර්ය මණ්ඩල සාකච්ඡාවලදී මෙම කරුණ සාකච්ඡාවට ලක්ව ඇති බව ත් පිරිවැය මත පදනම් වූ විදුලිය ගාස්තු අය කිරීමේ ක්‍රමය අඛණ්ඩව ක්‍රියාත්මකක කිරීම සහ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ කඩිනම් කළ යුතු බවට ඔවුන් යෝජනා කර ඇති බව ත් සඳහන් වේ.
ඕනෑ ම, පෞද්ගලික සමාගමක් තම සේවාවට යොදන පිරිවැයට සරිලන ලෙස අදාළ පාරිභෝගිකයාගෙන් ගාස්තු අය කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝඕ පසුගිය දා මේ සම්බන්ධව අදහස් දක්වමින් මාධ්‍ය හමුවකදී ද අනාවරණය කළේ ය.
ඒ අනුව, ශ්‍රී ලංකාවටත් එය අදාළ විය යුතු බව මූල්‍ය අරමුදලේ ලංකා දූත මණ්ඩල ප්‍රධානියා රජය වෙත අවධාරණය කළ අතර අනාගතයේදී කවදා හෝ විදුලි බිල අඩු කර ගැනීමට නම් මෙම බිල වැඩි කිරීම හා විදුලිබල මණ්ඩලය කොටස් 4කට බෙදීම අනිවාර්ය බව පැපජෝජියෝඕ පැවසීය.
මේ අතර, විදුලි ගාස්තු වැඩි කිරීම සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් අයි.එම්.එෆ්. සිව්වන සමාලෝචනයේදී සකස් කරන ලද මිනුම් ලකුණු සීමා, ලබන නොවැම්බර් මස තක්සේරු කරන බව මූල්‍ය අරමුදල පවසා තිබේ.