බිහිසුණු අනතුරක් - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෙලිකොප්ටරයක් අනතුරට

Report

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් එරට සන්නද්ධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මිය ගොස් ඇත. මීට තාක්ෂණික දෝෂයක් හේතුවී ඇති බව එරට ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම අනතුර මැදපෙරදිග යුද්ධයට සම්බන්ධදැයි මේ දක්වා පැහැදිලි තොරතුරක් ලැබී නැත.

මොවුන් දෙදෙනා ජාතික රාජකාරිය ඉටු කරමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර ඇත. දිවි පිදූවන් දෙදෙනාගේ පවුල්වලට සිය ගැඹුරු ශෝකය සහ අනුකම්පාව පළ කරන බව ද ඔවුන් පවසයි.  

තුන්වන ලෝක යුද්ධයට යන මාර්ගය! පුටින්ගේ ප්‍රකාශ ගැන මොසාඩ් අනතුරු අඟවයි

තුන්වන ලෝක යුද්ධයට යන මාර්ගය! පුටින්ගේ ප්‍රකාශ ගැන මොසාඩ් අනතුරු අඟවයි

ඊශ්‍රායලය සීමාව පනී - භයානක යුධ අපරාධයක් හෙළිවෙයි - ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනයට

ඊශ්‍රායලය සීමාව පනී - භයානක යුධ අපරාධයක් හෙළිවෙයි - ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනයට