මන්ත්‍රීවරියකට තවත් මන්ත්‍රීවරයෙක් පහර දෙයි

facebook parliament member seeduwa niluka de silva sameera fernandoo
By Sithumi Jul 03, 2021 10:20 AM GMT
Report

සීදුව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී නිලූකා ද සිල්වාට සමගි ජනබලවේගයට සහය දක්වන මන්ත්‍රීවරයෙකු වන සමීර ප්‍රනාන්දු විසින් පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරිය සීදූව පොලීසිය වෙත කල පැමිණිල්ලකට අදාළවයි. නිලූකා ද සිල්වා මන්ත්‍රීවරිය විසින් සමීර ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පිළිබඳව පළ කල ෆේස් බුක් සටහනක් පදනම් කර ගනිමින් මෙම පහර දීම සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පහර කෑමට ලක්වූ මන්ත්‍රීවරිය මේ වන විට මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

කල විමසීමකදී ඇය කියාසිටියේ සීදුව නගර සභාව සඳහා නව නගරාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමට පසුගියදා පැවති ඡන්ද විමසීමේදී තමන් සහ අදාල මන්ත්‍රීවරයා අතර මත ගැටුමක් සිදුවූ බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now