නාවික හමුදාවෙන් කියලා නිවස පරික්ෂා කරලා රත්තරන් බඩු හොරකම් කරලා
මත්ද්‍රව්‍ය ඇති බවට තොරතුරක් ලැබුණු බව පවසා පේරාදෙණිය ඊරියගම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කර එම නිවසේ තිබූ රුපියල් 469000 ක් වටිනා රන් අභරණ හා දේපොළ සොරාගත් අපරාධයක් මත තළාතුඔය නාවික හමුදා කඳවුරේ සෙබළුන් දෙදෙනෙකු පේරාදෙණිය පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා නාවික හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් යැයි කියමින් නිවසට ඇතුළු වී පරීක්ෂා කර පසුව රන් භාණ්ඩ හා තවත් විදුලි උපකරණ කිහිපයක් සොරාගත් බව නිවසේ හිමිකාර කාන්තාව පොලීසියට පැමිණිලි කර ඇත.
කඩුගන්නාව පොලීසියේ කණ්ඩායමක් සමඟ සැකකරුවන් දෙදෙනා පෙර අවස්ථාවක පැමිණ නිවස පරීක්ෂා කළ බවත් අදාළ සොරකම සිදු කරනු ලැබුවේ ඊට පසු දිනක පැමිණ බවත් වාර්තා වන අතර මේ පිලිබදව පරීක්ෂණ පැවැත්වූ පේරාදෙණිය පොලීසිය රත්තොට හා කොබ්බෑකඩුවේ පදිංචි 31 හැවිරිදි හා 32 හැවිරිදි නාවික හමුදා සෙබළුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සෙබළුන් දෙදෙනා නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් බව ද දැනට සිදුකර තිබෙන පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය පරීක්ෂණ පවත්වන බව පවසයි.