මෙරට ඇමැතිලා දෙන්නෙක් රටවල් දෙකකින් කප්පම් ඉල්ලයි.
Sri Lanka Politician
Vijitha Herath
Government Of Sri Lanka
By Wayomi
පසුගිය ආණ්ඩු සමයන්හි මෙරටට පැමිණි දකුණු කොරියානු හා ඔස්ට්‍රේලියානු අයෝජකයන්ගෙන් හිටපු ඇමැතිවරුන් කප්පම් මුදල් ඉල්ලීම නිසා ඔවුන් මෙරට ආයෝජන අත්හැර දමා එම ආයෝජන ඉන්දියාවට හා වියට්නාමයට රැගෙන ගිය බව මෙරට සිටින දකුණු කොරියානු හා ඔස්ට්‍රේලියානු තානාපතිවරු විදේශ අමාත්‍ය විජිත හේරත්ට නිල වශයෙන් පැමිණිලි කර තිබෙනවා.
දකුණු කොරියානු තානාපති මියොන් ලී සහ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටිවන් විසින් මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ,පසුගියදා විදේශ අමාත්‍ය විජිත හේරත් හමුවූ අවස්ථාවේදීයි.
එහිදී දකුණු කොරියානු තානාපතිවරයා වැඩිදුරටත් කියා තිබුණේ මුතුරාජවෙල සිට කටුනායක ගුවන් තොටුපොළට ඉන්ධන නළ මගින් ගෙන යාමට කැඳවන ලද විවෘත ටෙන්ඩරය සිය රටේ ආයෝජකයකු දිනාගත් නමුත් නොදන්නා හේතුවක් නිසා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවසරය නොදුන් බවයි.
කොට්ටහච්චි ගියේ කාත් එක්කද? ඉන්නේ කාත් එක්කද?අදාල නෑ නේ. - ප්‍රේම කරන අය ප්‍රේම කරගත්තාවේ.. පොදු දේපල අවභාවිතයක් නෑනේ. - (VIDEO)
You May Like This Video