මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා අද මෙරටට

Report

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා අද (23) මෙරටට පැමිණීමට නියමිත ව තිබෙනවා.

ඔහු අද සිට ලබන 26 වනදා දක්වා මෙරට සංචාරය කිරීමට නියමිත බවයි නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පැවසුවේ.

2016 වසරෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙය බව සඳහන් වනවා.

ගාල්ල, අක්මීමන වෙඩිතැබීමක්

ගාල්ල, අක්මීමන වෙඩිතැබීමක්

සංචාරය අතරතුර මහ කොමසාරිස්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ද හමුවීමට නියමිතව තිබෙනවා.

විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා මෙන්ම තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්, ආගමික නායකයින්, සිවිල් සමාජ නියෝජිතයින්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයින් කිහිපදෙනෙකු ද හමුවීමට නියමිතය.

එමෙන්ම මෙරට මානව හිමිකම් කොමිසම සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවා.

රුසියාවෙන් ඉරානයට න්‍යෂ්ටික ආයුධ දැන් තමයි හරියටම යුද්දේ පටන් ගන්නේ

රුසියාවෙන් ඉරානයට න්‍යෂ්ටික ආයුධ දැන් තමයි හරියටම යුද්දේ පටන් ගන්නේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතාගේ සංචාරය අතරතුර ශ්‍රී දළඳා මාලිගාව වැඳ පුදා ගැනීමටද නියමිත අතර මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හී මහනාහිමිවරුන් බැහැදැකීමට නියමිත බව සඳහන් වේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ මීට අමතරව යාපනය සහ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිත අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් හමුවීමට ද සැලසුම් කර ඇති බවයි.  

ඇමරිකාව ඉරානයට පරාජය වෙයි ලෝකයක් ඉස්සරහම ලැජ්ජා වුණා B2 ප්‍රහාරය අසාර්ථකයි

ඇමරිකාව ඉරානයට පරාජය වෙයි ලෝකයක් ඉස්සරහම ලැජ්ජා වුණා B2 ප්‍රහාරය අසාර්ථකයි