අදත් ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි

Report

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.  

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

රුසියාවෙන් ඉරානයට න්‍යෂ්ටික ආයුධ දැන් තමයි හරියටම යුද්දේ පටන් ගන්නේ

රුසියාවෙන් ඉරානයට න්‍යෂ්ටික ආයුධ දැන් තමයි හරියටම යුද්දේ පටන් ගන්නේ

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති වේ.

ඉරානයට එල්ල කළ ප්‍රහාරයට සවුදි අරාබියෙන් ප්‍රකාශයක් අවට රටවල් වලටත් න්‍යෂ්ටික විකිරණ හානි ?

ඉරානයට එල්ල කළ ප්‍රහාරයට සවුදි අරාබියෙන් ප්‍රකාශයක් අවට රටවල් වලටත් න්‍යෂ්ටික විකිරණ හානි ?

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.