අද සිට දිනපතා බිත්තර මිල සමාජ මාධ්‍ය ඔස්සේ
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් බිත්තර මිල ගැන ජනතාව දිනපතා සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට තීරණය කර ඇත.
ඔවුන් පවසන්නේ, අතරමැදි වෙළෙඳුන් බිත්තර විකිණීමෙන් අධික ලාභ ලබන බැවින් මෙම පියවර ගත් බවයි.
වෙළෙඳපොළේ බිත්තරයක මිල මේ වන විට රුපියල් 28ත් 32ත් අතර අලෙවි වන අතර, පසුගිය මාස කිහිපය තුළ බිත්තර අධික මිලකට අලෙවි විය.
බොහෝ දෙනා චෝදනා කළේ, බිත්තර මිල ඉහළ යාමට එක් හේතුවක් වූයේ අතරමැදි වෙළෙඳුන්ගේ ක්‍රියාකාරීත්වය බවයි.
මේ අතර, බිත්තර මිල යළි ඉහළ නොයන ලෙස පියවරක් ලෙස, දිනපතා බිත්තර මිල සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාවට දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට පියවර ගෙන ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසයි.