මාරක අනතුරක් -අඹුසැමි යුවළක් මරුට

Report

මහියංගනය-ගිරාඳුරු කෝට්ටේ මාර්ගයේ 03 කණුව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව ඇත.

තවද ඊයේ (27) රාත්‍රී කාලයේ මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි .

පොලීසිය සදහන් කරන්නේ ගිරාඳුරු කෝට්ටේ දෙසට ධාවනය වූ කැබ් රථයක්, වෙනත් වාහනයක් ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ට්‍රැක්ටර් රථයක ගැටී මෙම අනතුරු සිදුව තිබෙන බවයි .

මෙම අනතුරින් තුවාල ලැබූ ට්‍රැක්ටර් රථයේ රියැදුරු, කැබ් රථ රියැදුරු සහ එහි පසුපස ගමන් කළ පුද්ගලයින් 07 දෙනෙකු ප්‍රතිකාර සඳහා මහියංගනය රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී, තුවාල ලැබූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

 මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 57ක් සහ 44ක් වූ මහියංගනය ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් බව වාර්තා වේ

මෙම අනතුර  මෙම අනතුර සම්බන්ධව  මහියංගනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.