ජනාධිපති කුසලාන අන්තර් පාසල් රග්බි තරගාවලියේ අවසන් පූර්ව තරගයක් අද
By Kaushi
ජනාධිපති කුසලාන අන්තර් පාසල් රග්බි තරගාවලියේ අවසන් පූර්ව තරගයක් අද (28) දින පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
ඒ, වෙස්ලි විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය අතරයි. එම තරගය රාජකීය රග්බි පිටියේදී පැවැත්වීමට නියමිත අතර අනෙක් අවසන් පූර්ව තරගය හෙට CR ඇන්ඩ් FC ක්‍රීඩාංගනයේදී පැවැත් වෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතරයි.
එසේම නවසීලන්ත - ශ්‍රී ලංකා රග්බි තරගාවලිය දෙවන වරටත් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත.
ඒ අනුව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේ, ඊට සහභාගී වීමට කිලෝග්‍රෑම් 85ට අඩු නවසීලන්ත ජාතික කණ්ඩායම එළබෙන මස 20 වැනිදා දිවයිනට පැමිණෙන බවයි.
එබැවින් දෙරට අතර තරගය අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙන අතර, දෙවන තරගය මැයි 3 වැනිදා මහනුවරදී පැවැත්වීමටයි සැලසුම් කර තිබෙනවා.