ට්විටර් එක්ක තරග කරන්න එන අලුත්ම ඇප් එක මොකක්ද මේ.. තාක්ෂන ලෝකේ විශාල පෙරළියක්..
By Sithumi
ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් ට්විටර් සමග තරග කිරීම සඳහා නව යෙදවුමක් (App) නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා ලබන ජුනි මාසයේදී ආරම්භ හදුන්වාදීමට සැලසුම් කර ඇති බවයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ.
එමෙන්ම සමාගම කීර්තිමත් පුද්ගලයින් සමග රහසිගතව එම යෙදුම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම් කටයුතු ද සිදු කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසුවා.
බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කෙසේ වෙතත් Instagram යෙදුම අවසානයේ Mastodon ජාලය සමග සම්බන්ධ විය හැකි බවටයි.