ටියුෂන් තහනම අනෙක් පළාත්වලටත්? - මොකක්ද මේ කරන්න හදන්නේ?

Sri Lankan Schools School Children Teachers
By Wayomi Dec 27, 2024 05:27 AM GMT
Wayomi

Wayomi

Report

පාසල් ගුරුවරුන්ට තම පාසලේ ඉගෙනුම ලබන සිසුන් සදහා අමතර පන්ති පැවැත්වීම තහනම් කිරීමට අනිකුත් පළාත්වල අධ්‍යාපන ලේකම්වරුන් ද කටයුතු කළ යුතු බව රජරට දූෂණ විරෝධී සංවිධානය සඳහන් කරනවා.

කෙසේ වෙතත් බස්නාහිර පළාතේ රජයේ පාසල්වල ගුරුවරුන්ට තම පාසලේ සිසුන්ගෙන් මුදල් අයකර උපකාරක පංති පැවැත්වීම තහනම් කරමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබූ චක්‍රලේඛය අහෝසි කිරීමටයි රජය පසුගියදා තීරණය කළා.

පසුගිය 20 වනදා බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරිය නිකුත් කළ අදාළ චක්‍රලේඛනයේ දැක්වුණේ, පළාතේ ඇතැම් ගුරුවරුන් තම පාසලේ ඉගෙනුම ලබන සිසුන්ට වෙනත් ස්ථානවලදී මුදල් අයකර අමතර පංති පවත්වන බවට හා එම පංතිවලට සහභාගී නොවන සිසුන්ට විවිධ බලපෑම් සිදු කරන බවට තොරතුරු වාර්තා වන බවයි.

නමුත් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පසුව කියා සිටියේ, එය අවලංගු කිරීමට කටයුතු කරන බවයි.

පාතාලයෙන් වැටුප් ලබන පොලිස් නිලධාරීන් ලිස්ට් එක එළියට? - "දැන් පාතාලය මෙහෙයවන්නා මතුගම ඉන්නේ" - නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්.

පාතාලයෙන් වැටුප් ලබන පොලිස් නිලධාරීන් ලිස්ට් එක එළියට? - "දැන් පාතාලය මෙහෙයවන්නා මතුගම ඉන්නේ" - නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්.

ගන්නවා නම් මෙන්න.- රජයේ සැප වාහන වෙන්දේසියක්.!

ගන්නවා නම් මෙන්න.- රජයේ සැප වාහන වෙන්දේසියක්.!



You May Like This Video

 

ReeCha