ට්‍රම්ප්ට මරණ තර්ජනයක්

Report

එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය මධ්‍යයේ, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ සමීප උපදේශකයෙකු වන ජාවඩ් ලරිජානි, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මරණ තර්ජනයක් එල්ල කර ඇත.

රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී ලරිජානි ප්‍රකාශ කළේ, ෆ්ලොරිඩාවේ ට්‍රම්ප්ගේ සුඛෝපභෝගී බංගලාව වන මාර්-ඒ-ලාගෝ හි හිරු බැස යන අතරතුර කුඩා ඩ්‍රෝන යානයකින් ට්‍රම්ප්ට ප්‍රහාරයක් එල්ල විය හැකි බවත්, එය ඉතා සරල ක්‍රියාවක් බවත්ය.

ජනතාවට බර, මන්ත්‍රීන්ට ජොලි - ජගත්ගේ අනාවරණයෙන් GMOA කැළඹෙයි

ජනතාවට බර, මන්ත්‍රීන්ට ජොලි - ජගත්ගේ අනාවරණයෙන් GMOA කැළඹෙයි

මෙම ඉරාන තර්ජනය සම්බන්ධයෙන් වාර්තාකරුවන් ජනාධිපති ට්‍රම්ප්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ, ඔහු උපහාසාත්මක ලෙස ප්‍රතිචාර දැක්වූයේ, “එය ඇත්තෙන්ම තර්ජනයක් විය හැකියි. මම අවසන් වරට හිරු බැස යන බව දුටුවේ මට වයස අවුරුදු 7දීයි. නමුත් මට ඒ ගැන කිසිදු උනන්දුවක් නැහැ,” යනුවෙනි. මෙම සිදුවීම එක්සත් ජනපදය සහ ඉරානය අතර දැනටමත් උණුසුම් වී ඇති භූ-දේශපාලනික ගැටුම් තවදුරටත් උත්සන්න කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නිල සාරියකින් අප්සාරි - සමාජ මාධ්‍ය රඟදක්වයි!

නිල සාරියකින් අප්සාරි - සමාජ මාධ්‍ය රඟදක්වයි!

අද ලග්න පලාපල – 2025 ජූලි 11 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි

අද ලග්න පලාපල – 2025 ජූලි 11 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි