"මේ පාඩුව ජනතාව කරපිට පටවන්න එපා!" - ඩොලර් ලක්ෂ 25ක මූල්‍ය අර්බුදය ගැන විපක්ෂ නායකයාගේ හදිසි ප්‍රකාශය

Report

විදේශ ණය ගෙවීම් සහ ඒ සම්බන්ධ මූල්‍ය වගකීම් පිළිබඳව පවතින ක්‍රමවේදයන් ගැන බරපතල ගැටලු මතුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු අද (23) සිදු කළ විශේෂ ප්‍රකාශයකදී සඳහන් කළේ, පෙර මහබැංකුව සතු වූ විදේශ ණය ගෙවීමේ වගකීම නව ක්‍රමවේද යටතේ රාජ්‍ය ණය කළමනාකරණ ආයතනය සහ විදේශ සම්පත් ආයතනය වෙත පැවරීමෙන් පසු, ඒ සඳහා අවශ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නිසි ලෙස ස්ථාපිත කර තිබේද යන්න සොයා බැලිය යුතු බවයි.

ඩොලර් මිලියන 2.5ට වුණ දේ භාණ්ඩාගාර ලේකම් පහදයි

ඩොලර් මිලියන 2.5ට වුණ දේ භාණ්ඩාගාර ලේකම් පහදයි

ඔහු අවධාරණය කළේ, ඔස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් ලක්ෂ 25ක මුදල අතුරුදන් වීම මෙම ගැටලුව දැඩි ලෙස ඉස්මතු කර ඇති බවයි. එවැනි විශාල මුදලක් සයිබර් අපරාධයක් හරහා අහිමි වීම රටේ මූල්‍ය සුරක්ෂිතභාවය පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කරන බවද ඔහු පැවසීය.

මෙම සිදුවීම ජනවාරි මාසයේ සිදුවී තිබියදී, මාර්තු මාසයේදී පමණක් ඒ ගැන සොයා බැලීමට කමිටුවක් පත් කිරීමත්, එම කරුණු ජනතාවට හෝ පාර්ලිමේන්තුවට හෙළි නොකිරීමත් පිළිබඳව ඔහු ප්‍රශ්න කළේය. මුදල් පිළිබඳ අවසාන වගකීම පාර්ලිමේන්තුව සතුව තිබෙන බැවින්, මෙවැනි සිදුවීම් රහසිගතව තබා ගැනීම ගැටලුවක් බවද ඔහු පැවසීය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන්ගේ ගිණුමකට ගියේ කොහොමද - නාමල්ගෙන් ප්‍රශ්නයක්

ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන්ගේ ගිණුමකට ගියේ කොහොමද - නාමල්ගෙන් ප්‍රශ්නයක්

මෙම සිදුවීම සම්බන්ධයෙන් පත්කළ කමිටුවේ ස්වාධීනත්වය සහ විනිවිදභාවය පිළිබඳවද ඔහු සැක පළ කළේය. එමෙන්ම, මෙවැනි බරපතල සයිබර් ආරක්ෂක බිඳවැටීමක් පිළිබඳව ස්වාධීන හා විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

බැංකු ගනුදෙනු සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරන Registered email systems, verification calls, indemnity protocols වැනි ආරක්ෂිත ක්‍රමවේද තිබියදීත්, ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව ඔහු මුදල් අමාත්‍යාංශයට චෝදනා කළේය. මහබැංකුව විසින්ද පූර්වයෙන් අනතුරු ඇඟවීම් ලබාදී තිබියදී, ඒවා නොසලකා හැර ඇති බවද ඔහු පැවසීය.

මෙවැනි අලාභයක් සිදුවූ පසු, එයට වගකිවයුත්තන් කවුද සහ අහිමි වූ මුදලට වන්දි ගෙවීමට සිදු වන්නේ ජනතාවගේ බදු මුදල්ද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් අවශ්‍ය බවද විපක්ෂ නායකවරයා කියා සිටියේය.

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5කට වැඩේ දෙයි - ණය ගෙවන්න ගිය මුදල් හැකර්වරුන් අතට?

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5කට වැඩේ දෙයි - ණය ගෙවන්න ගිය මුදල් හැකර්වරුන් අතට?