වයඹ ඩිපෝවේ ලංගම සීසන් හොර පාරෙන් වෙනත් අයට..
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වයඹ ප්‍රාදේශිකයේ ඩිපෝ මඟින් පාසල් සිසුන් හා කාර්මික විද්‍යාල සිසුන් වෙනුවෙන් ලබා දෙන වාර ප්‍රවේශපත්‍ර දහස් ගණනක් වංචනික අන්දමින් බාහිර පුද්ගලයන් වෙත ලබාදී තිබෙනවා.
මේ අනුව වයඹ ප්‍රාදේශිකයේ ඩිපෝ 12 ම ආවරණය වන පරිදි වැටලීම් සිදුකර තිබෙනවා.
ලංගම පාලනාධිකාරිය විසින් එම ඩිපෝවලින් වාර ප්‍රවේශපත්‍ර ලබාදී ඇති ආකාරය ගැන අභ්‍යන්තර විමර්ශනයකට ලක් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් වෙත සිසුන් හට ලබාදෙන වාර ප්‍රවේශපත්‍ර අනිසි ලෙස ලබාගනිමින් බොහෝ දෙනකු ලංගම බස්රථවල ගමන් කරන බවට පැමිණිලි රැසක් ලැබීමත් සමඟ මෙම වැටලීම් සිදු කර තිබෙනවා.
සභාපතිවරයා පවසන්නේ වංචාවන් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
ඔහු වැඩිදුරටත් පවසන්නේ වංචාවලට සම්බන්ධ ඩිපෝ නිලධාරින් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් , මෙවැනි ක්‍රියාවන් ඩිපෝ ප්‍රධානීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් සිදු වන බවයි.
