නැවතත් දුම්රිය ගමන් නැවතෙන ලකුණු
ඉදිරි පැය කිහිපය ඇතුළත දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ක්ෂණික වැඩ වර්ජනයක නියැලීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව වාර්තා වන්නේ මෙම වැඩ වර්ජනය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සිදු කිරීමට නියමිත බවයි.
අද (16) දින අඳාළ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා විසින් කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කර ඇත.
එහි දී ඔහු විසින් ප්රකාශ කළේ එළැඹෙන පැය 24 ඇතුළත හෝ ඉන් ඔබ්බට ක්ෂණික වෘත්තිය ක්රියාමාර්ගයක නියැලීමට සූදානම් බවයි.
එම සංගමය මඟින් මෙසේ වැඩවර්ජනයක නියැලීමට තීරණය කර ඇත්තේ බඳවා ගැනීමේ ගැටළු, උසස්වීම් ඇතුළු කරුණු ගණනාවක් මුල් කරගනිමින් බව ද සඳහන්.