හෙට සිට වෙනස් වන නව දුම්රිය කාල සටහන..

Sri Lanka Sri Lanka Railways
By Sewvandhi Dec 04, 2022 10:42 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හෙට සිට (5) නව කාලසටහනක් හදුන්වා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. ඒ කැලණිවැලි දුම්රිය මාර්ග වෙත හඳුන්වාදී ඇති නව වේග සීමා හේතුවෙන් සිදුවන ප්‍රමාදයන් අවම කිරීම සඳහායි.

එසේම ඉදිරි සතිය තුළ අනෙක් මාර්ග වෙතද නව දුම්රිය කාලසටහනක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. පසුගිය මාස කිහිපය තුළ අවස්ථා ගණනාකදී දිවයින පුරා දුම්රිය පීළි පැනීම් වාර්තා වුණා.

ඒ දුම්රිය මාර්ග පද්දතිය නිසි පරිදි නඩත්තු කිරීම සඳහා වන පීලිවල පවතින දැඩි හිඟය හේතුවෙන්. මෙලෙස මාර්ගවල ඇති දෝශ හේතුවෙන් සිදුවන අනතුරු අවම කිරීම සඳහා සියළු දුම්රිය මාර්ග ආවර්ණය වන පරිදී නව වේග සීමා පැනවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබුවා.

මේ හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගය ඇතුළු සෑම මාර්ගයකම දුම්රිය ප්‍රමාදයන් මේ වන විට සාමාන්‍ය තත්ත්වයක් බවටයි පත්ව ඇත්තේ. මෙලෙස සිදුවන ප්‍රමාදයන් අවම කිරීම සඳහා මුහුදුබඩ මාර්ගයේ ගමන් ගන්නා දුම්රිය වෙත නව කාලසටහනක් තාවතකාලිකට හඳුන්වාදීමට පියවර ගනු ලැබුවද අනෙක් මාර්ගවල කාලසටහන් සංශෝධනයට එම දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබුවේ නැහැ.

කෙසේ වෙතත් දිගින් දිගටම සිදු වන දුම්රිය ප්‍රමාදයන් අවම කිරීම සඳහා කැළණිවැලි මාර්ගයේ ගමන් ගන්නා දුම්රිය ද නව කාලසටහනක් අනුව ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේනතුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එම නව කාලසටහන හෙට සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

දිවයින තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් දුම්රිය ධාවනයට අවශ්‍ය ලිහිසි තෙල් සහ අමතර කොටස් හිගය හේතුවෙන් පසුගිය කාල වකවානුවේ දුම්රිය කිහිපයක් ධාවනයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන තිබුණේ. මේ හේතුවෙන් දුම්රිය වාර ගණනාවක් අත්හිටුවීමට එම දෙපාර්තමේනතුව පියවර ගනු ලැබූ අතර ධාවනය වෙමින් පැවති දුම්රිය රැසක්ම කාර්මික දෝශයවලට ලක්වුණා.

කෙසේ වෙතත් මේ වන විට එම දුම්රිය සඳහා අවශ්‍ය ලිහිසිතෙල් සපයා ගැනීගැනීමට දුම්රිය දෙපරේතමේන්තුව වෙත හැකියාව ලැබී ඇතත් දුම්රිය තිරිංග පද්ධතිය සඳහා අවශ්‍ය අමතර කොටස් හිඟය හේතුවෙන් මේ වන විට ධාවනයෙන් ඉවත් කර ඇති දුම්රිය සංඛ්‍යාව 8ක්. මෙලෙස හිඟවී ඇති අමතර කොටස් ලබන සතිය වන විට ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව කඩිනමින් එම දුම්රියන් යළිත් ධාවනයට එක් කර ගැනීමට හැකි වනු ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now