කීරි සම්බා සහ සම්බා වී මිල ඉහළට - නාමල්
ඉදිරි කන්නයේදී කීරි සම්බා සහ සම්බා වී මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න ප්‍රකාශ කළා.
එසේම වී මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කළද සහල් මිල වැඩි කිරීමට කටයුතු නොකරන බවද ඔහු සඳහන් කර ඇත.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (22) දින හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ පැවැති 2025 වාර්ෂික පර්යේෂණ සංසදයේදීයි.
පසුගිය යල කන්නයේදී දැවැන්ත වී අස්වැන්නක් ලැබුණු බවත්, පැවති ගංවතුර තත්ත්වයෙන් එම වී අස්වැන්නට සිදුවී ඇති හානිය දශම ගණනක් බවත් ඔහු කියා සිටියා.
එසේම ගංවතුරින් මෙවර කන්නයේ වී වගාවට සිදුවී ඇති හානිය හෙක්ටයාර් 50,000 කට වඩා අඩු බවත්, එලෙස හානියට පත්වූ කුඹුරු ඉඩම්වලින් මේ වනවිට සියයට 50 කට වැඩි ප්‍රමාණයක් වගා කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.