ජීවිත 16ක් බිලි ගත් ලංකාවේ දුම්රිය අනතුර.

By Aruna Apr 24, 2021 02:20 AM GMT
Report

 වව්නියාව ඕමන්ත සහ තාණ්ඩික්කුලම් ප්‍රදේශයන්හි දුම්රියේ ගැටීමෙන් පුද්ගයෙකු තුවාල ලබා මී ගවයින් සහ එල ගවයින් 16 දෙනෙකු මිය ගොස් ඇති බවට පොලීසිය පවසයි.

යාපනයේ සිට කොළඹ බලා ධාවනයා වූ නගරාන්තර සීග්‍රගාමී දුම්රියට අද උදෑසන ඕමන්ත ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය හරහා මාරු වෙමින් සිටි එල ගවයින් සහ මීගවයින් රංචුවක ගැටී ඇති අතර එහිදී එල ගවයින් සහ මී ගවයින් 16 දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර තවත් 10 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව ප්‍රදේශවාසීන් පවසති.

මේ අතර අදාල දුම්රියටම තාණ්ඩික්කුලම් ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන්ගත් තරුනයෙකු ගැටීමෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.

අදාල යතුරුපැදිකරු තාණ්ඩික්කුලම් දුම්රියහරස් මාර්ගය හරහා ධාවනය කිරීමට උත්සහ ගැනීමේදී දුම්රියේ ගැටී ඇති අතර එම අවස්ථාවේදී දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුව ක්‍රියාත්මක නොවී ඇති බවට ප්‍රදේශවාසීන් පවසන අතර වව්නියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.