ඔයත් හොර පාරෙන් QR හැදුවනම් වැඩ වරදියි - රජයෙන් කරන්න යන දේ මෙන්න
රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ඉන්ධන පරිභෝජනය සීමා කිරීමේ අරමුණින් හඳුන්වාදුන් QR කේත ක්‍රමය සඳහා මේ වනවිට ලක්ෂ 60කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව පවසයි.
අද (22) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, එම සංඛ්‍යාවෙන් ලක්ෂ 20කට ආසන්න පිරිසක් නව ලියාපදිංචිකරුවන් බවයි.
QR කේත ක්‍රමය සඳහා ලියාපදිංචි වීමට නොහැකි බවට ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් ද සියලු තාක්ෂණික දෝෂ මේ වනවිට නිරාකරණය කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම, පවතින ඉන්ධන තත්ත්වය හමුවේ ජනතාව හැකි තරම් පරිභෝජනය සීමා කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
අනීතිකව QR කේත බාගත කිරීමේ සිද්ධීන් 153ක් හඳුනාගෙන ඇති බවත්, ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇති බවත් ඔහු වැඩිදුරටත් අනාවරණ කළේය.
මේ අතර, දිවයින පුරා නීතිවිරෝධී ලෙස ඉන්ධන ගබඩා කිරීමේ සිද්ධීන් රැසක් වාර්තා වී ඇති අතර, ඒවාට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.