අපේ ආදරේට අවුරුදුම හතක්... බලන්නකෝ ඒ ආදරේ... පාටට නොසැලුනු ආදරේ. (PHOTOS)

Facebook Sri Lanka Sri Lanka Social Media Gossip Today
By Sithumi Sep 03, 2023 05:27 PM GMT
Sithumi

Sithumi

Report

සමාජ මාධ්‍යයේ කතා බහට ලක්වෙන දෙන්නෙක් ගැන තමයි අද අපි ඔබ එක්ක බෙදා ගන්නේ.

මේ ආදරේ සමාජ මාධ්‍යයේ නම් හරිම ප්‍රසිද්ධයි.ඉතින් ඒ දෙන්නගේ ආදරේට අවුරුදු හතක් වෙලා.

එයා දාල තිබුනේ මේ විදියේ සටහනක්.

අපේ ආදරේට අවුරුදුම හතක් ! අවුරුදු හතක් කියන්නේ පුංචි කාලයක් නෙවේ. අපි ආදරේ කරන කෙනෙක් ලග ඉන්නකොට කාලය ගත වෙන්නේ හරිම වේගෙන්.මට මතකයි මම තනියම ක්ලාස් යන මුල් කාලේ මෙහෙ ඉදන් කුරුණෑගලට යන පැය මට දවසක් වගේ දැනුන දවස් සෑහෙන්න තිබුනා. ඒත් ඔයා එක්ක පන්ති ගියපු අන්තිම මාස කීපයේ ඒ පැය මට විනාඩි ගානක් තරම්. අදටත් පැය කීයක් ලග හිටියත් ඒක දවස අවසානෙ දැනෙන්නේ විනාඩි ගානක් වගේ. මට බය ඉක්මනින් අපේ කාලේ ගෙවිලා නොදැනිම අපි වයසට යයි කියලා.

ආදරේ කියන දේ මේ ලෝකේ පවතින බව ඔයාගේ ඇස් මට නිතරම පෙන්නනවා.අපේ ආදරේ ඇතුලේ මොන කුණාටුව ආවත් ඔයාගේ ඇස් මට නිතරම මතක් කරලා දෙනවා. මගේ ඇස් මගඇර නොයන ඇස් දෙකක් සහ පුලුල් උරතලයක් නිතරම මං ලගින් තියෙනවා.

සමහර කාලවල අපි අපේ අත් අත් ඇරලා ඈත් වෙන්න හදපු අවස්තා තිබුනා.ඒත් ඒ අත් ඇරෙන හැමතැනකදිම දැනුනේ පහු ගිය කාලේ පුරාවටම අපි කොච්චර වටිනාකමක් අපේ ආදරේට එකතු කරන් තිබ්බද කියන එක. මම නැතුව ඔයාවත් ඔයා නැතුව මමවත් පවතින්නෑ. ඒ තරම් බැදීමක් අපි ගොඩ නගාගෙන.

පොඩි කාලේ ඉදන්, කලු නිසා මාව බුලි වෙන තැන් වලදි "ඔයා ලස්සනයි දෙයියනේ. මේ ඇස් තරු වගේ. ඔයාගේ පාට හරිම ලස්සනයි.මට ආඩම්බරයි ඔයා මගේ කෙල්ල කියලා කියන්න" කියන

කිලිනොච්චි ඉදලා හාල්මැස්සෙක් වගේ අව්වට කර වෙලා කලු වෙලා එද්දි, "ශා ඔයා තව කලු වෙලා දැන් හෙනම ලස්සනයි.සුදු වෙනවට වඩා කලු වෙද්දි තව ලස්සනයි" කියන

ඇදුම් කඩයක් දැකලා අනේ අරකට යමු කිව්වම, එක්ක ගිහින් ඇදුම් බලනකම් පස්සෙන් ඉදන් "ඇදුමක් ගනින් නැත්නම් මම මෙතනින් යන්නෑ" කියන

විභාග කාල වලදි " ඔයා මට ඇහෙන්න පාඩම් කියන්න මම අහන් ඉන්නම් " කියන

"මට හිනාවෙන්න බෑ මගේ දත් කැතයි.මට ප්ලේට් දාන්න ඕන" කියනකොට, "ප්ලේට් දැම්මම මේ ලස්සන හැංගිලා යයි.ඔයාගේ හිනාව තමා මම බලන්න ආසම දේ" කිය කිය පහල ෆොටෝ වල ඇති තරම් ලැජ්ජා නොවී හිනා වෙන්න තරම් කන්ෆිඩන්ස් හදන ඔයා

දිගට දිගේ වවපු කොන්ඩේ කැපුවම "අඩේ දැන් පස්ස හොදට පේනවා ඈ.තව ටිකක් කපමු.ඔයා හරි කියුට්" කියන

කැම්පස් ‍යන්න බඩු ලෑස්ති කරනකොට " මෙන්න මේ මැජික් පෑන් ඔයාට. පිටු ගොඩක් ලියන්න පුළුවන් වෙන්න මම මැජික් පර්ෆියුම් එකක් ගහලා තියෙන්නේ" කියලා පෑන් අස්සට පුංචි ආදර වදන් එක්ක් ඔයාගේ සුවද කවපු කොල දාල ගෙනත් දෙන

ඔයා එක්ක මට තව සෑහෙන දුර යන්න ඕන !

මේ අවුරුදු හත තාම තරුණයි !

තව කියාගන්න බැරි තරම් ගොඩක් දේවල් කරන ඔයා මට ආදරේ තවමත් ලස්සනට පවතින බව පහුගිය අවුරුදු ගාන තුල හැම මොහොතකම තහවුරු කලා.

ස්තූතියි !

අදටත් අපිව හම්බුන කෙනෙක් අපේ එෆෙයාර් එකට මෙච්චර කල් කියද්දි "යකෝ මම හිතුවේ මේ ඊයේ පෙරේදා පටන් ගත්ත ලව් එකක් කියලා" කියන්න තරම් නැවුම් විදිහට අපේ ආදරේ පවත්වගෙන යනවට සම්පූර්ණ ක්‍රෙඩිට් එක හම්බෙන්න ඕන ඔයාට.

❤️Love You To The Moon & Back ❤️

අන්තිම ෆොටෝ එක බලන්න අමතක කරන්න එපා ??

HaRsHa DiLsHaN මල්ලි තැන්ක් යූ ?

Minon & Thisara ❤️?



- සිතුමි -

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha