අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේ සිදු වූ සුවිශේෂී සිදුවීම මෙන්න. - (VIDEO)
Parliament of Sri Lanka
Mahinda Yapa Abeywardena
Government Of Sri Lanka
By Wayomi
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
අද (4) පාර්ලිමේන්තුවේ කටයුතු දැක බලා ගැනීම සඳහා විවිධ ආබාධිත සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ 200 කට ආසන්න පිරිසක් පැමිණ සිටිනවා.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන පරිදි අන්දමට ආබාධිත දරුවන් මෙපමණ ලොකු පිරිසක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා එකවර පැමිණි පළමු අවස්ථාව මෙයයි.
සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කළ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ ඒ ආබාධිත දරුවන් සියලු දෙනා සතුටින් පිළිගන්නා බවයි.
