ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථමවරට පැවැත්වෙන දෘෂ්‍යාබාධිත කාන්තා T20 ලෝක කුසලාන තරගාවලිය

Report

ක්‍රිකට් ඉතිහාසයේ  ප්‍රථමවරට පැවැත්වෙන දෘෂ්‍යාබාධිත කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියට (Women’s T20 World Cup – Cricket for the Blind) සම සත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකාව සූදානම් බවට තොරතුරු වාර්තා වේ.

මෙම තරගාවලිය නොවැම්බර් 11 සිට 23 දක්වා ඉන්දියාව සමඟ ඒකාබද්ධව පැවැත්වීමට නියමිතව ඇත. තරගාවලිය ආරම්භ කරමින් සමාරම්භක උත්සවය සහ පළමු තරග 5 නවදිල්ලියේදී පැවැත්වෙන අතර, ඉන් අනතුරුව තරග 4ක් බැංගලෝරයේදී පැවැත්වෙනු ඇත.

මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට

මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට

තරගාවලියේ ඉතිරි තරග 15, අවසන් මහා තරගය සහ සමාප්ති උත්සවය ඇතුළුව ශ්‍රී ලංකාවේ කොළඹදී නොවැම්බර් 14 සිට 23 දක්වා පැවැත්වීමට නියමිත බව වාර්ථා වේ. තරගාවලිය ඒකාබද්ධව පැවැත්වීම පිළිබඳව මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ CABI (Cricket Association for the Blind in India) හි සභාපති මහන්තේශ් ජී. කිවදසන්නාවර් පවසා සිටියේ මෙම සහයෝගිතාව කාන්තා අන්ධ ක්‍රිකට් ක්‍රීඩාවේ ඓතිහාසික මොහොතක් නිර්මාණය කරන වගත් බාධක බිඳ දමා පරම්පරා ගණනකට ආස්වාදයක් ලබා දීමට ක්‍රීඩාවේ ඇති බලය විදහාපානු ඇති බවත්ය.

ආසියානු කුසලානය තැපෑලෙන් එවන්න නැත්නම් බලාගමු - IICC

ආසියානු කුසලානය තැපෑලෙන් එවන්න නැත්නම් බලාගමු - IICC

එවගේම ඓතිහාසික, ක්‍රීඩාව වෙනස් කරන සිදුවීම ඒකාබද්ධව සත්කාරකත්වය දැරීමට අපගේ ඉල්ලීමට ඉඩ ලබා දීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයාට සහ ශ්‍රී ලංකා රජයට ඔවුන්ගේ ස්තුතිය පිරිනමන බව ඔහු සදහන් කරන ලදි.

ලෝක කුසලානයට අනුග්‍රහය දැක්වීමෙන් සහ තරගවලදී ක්‍රීඩකයන් දිරිමත් කිරීමෙන් සහභාගී වන කණ්ඩායම් දිරිමත් කරන ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන්, ව්‍යාපාරික ආයතනවලින් සහ දානපතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කරන තිබේ.  

පැහැදිලිව කියව ගන්න බැරි හින්දා බෙහෙත් තුණ්ඩු ඩිජිටල් කරන්න නියෝගයක්

පැහැදිලිව කියව ගන්න බැරි හින්දා බෙහෙත් තුණ්ඩු ඩිජිටල් කරන්න නියෝගයක්

අද රත්වුණ රන් මිල - මිල ගණන් මෙන්න

අද රත්වුණ රන් මිල - මිල ගණන් මෙන්න