ආණ්ඩුවට රිදිලා වෙන්න ඇති එකපාර වත්කම් ගැන අහලා එන කෝල් ගැන වජිර කට අරී

Report

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට ඉකුත් සතියේ ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබී ඇති බව වාර්තා වෙනවා.

දුරකථන ඇමතුම් ලැබීම සාමාන්‍ය දෙයක් වුවද මේ දුරකථන ඇමතුම්වලින් විමසා තිබුණේ වජිරගේ වත්කම් පිළිබඳව වීම විශේෂත්වයක්.

මේ නිසා පසුගිය සතියේ වජිරගේ දුරකථනය හිටිහැටියේ කාර්යබහුල වූ බව සඳහන්.

මෙයට හේතුව ඔහුගේ වත්කම් ගැන පළ කෙරුණු පුවතක් බව වාර්තා වේ.

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වජිර අබේවර්ධන මහතා සඳහන් කරන්නේ,“මම ඕක දැක්කා. කීපදෙනෙක් මට කතා කරලත් කිව්වා. ඕවට කලබල වෙන්න එපා” යනුවෙන්.

මේ අතර වජිරට ඇමතුම් දුන් බොහෝ දෙනා “මේවා ඉතින් ආණ්ඩුවට හරියට රිදෙන වැඩ. ඔවුන් හිතුවා රනිල් නායකතුමා හිරේ දැම්මාම එතුමා පැත්තකට වෙලා ඉඳියි කියලා. නමුත් එතුමා සංවත්සර කතාවෙදි අවධාරණය කළේ හිරේ දාලා නම් අපි නවත්වන්න බෑ කියලා. ඒවාට රිදිලා වෙන්න ඇති ආණ්ඩුව ආපහු මෙහෙම කතාවක් ඇදලා ගන්න ඇත්තේ” පැවසූ බව සඳහන්.

ඒ අතර වජිර මහතා කියා සිටියේ,

"මම වත්කම් බැරකම් ඉතිහාසය පුරාම ඉදිරිපත් කළා. මගේ පැත්තෙන් ගත්තොත් මම අවුරුදු 30 කට අධික කාලයක් මේ වත්කම් බැරකම් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වත්කම් බැරකම් ඊටත් වඩා එහාට ගිහින් සොයා බැලීමේ යාන්ත්‍රණයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දරපු සමයේ අපේ ආණ්ඩුව විසින් සම්මත කළ දූෂණ විරෝධී පනත හරහා ඉදිරිපත් කර තිබෙනවා. ඉතින් මේ හරහා ඒ ගැන සමාජය දැනුවත් වීම බොහෝම හොඳයි" යනුවෙන්.

“අපි ඩොක්ටර් ෂාෆිව උස්සන් ගියා වගේ එකපාරට අපරාධකාරයන්ව අල්ලන්නේ නැහැ” - ඇමති බිමල්

“අපි ඩොක්ටර් ෂාෆිව උස්සන් ගියා වගේ එකපාරට අපරාධකාරයන්ව අල්ලන්නේ නැහැ” - ඇමති බිමල්

වැඩ වරදින දේශපාලනඥයින් 28ක්.. වත්කම් විමර්ශන කඩිනමින්.. - ආරක්ෂක ඇමති

වැඩ වරදින දේශපාලනඥයින් 28ක්.. වත්කම් විමර්ශන කඩිනමින්.. - ආරක්ෂක ඇමති