පුද්ගලයෙකුට දිවි අහිමි කරමින් අඩි 70 ක ප්‍රපාතයකට පෙරළුණු ටිපර් රථය (VIDEO)
sri lanka
mahiyanganaya
accsident vedio
Tipper accsident
By Sithumi
මහියංගනය - මහනුවර මාර්ගයේ 18 වංගුවට පහළ ගුරුළුපොත ප්‍රදේශයේදී වැලි පැටවූ ටිපර් රථයක් අද (23) අනතුරට ලක්ව පුද්ගලයෙක් මියගොස් තිබේ.
අප වාර්තාකරු පැවසුවේ, 63 කිලෝමීටර් කණුව අසලදී ටිපර් රථය අඩි 70ක පමණ ප්‍රපාතයකට පෙරළී එම අනතුර සිදුව ඇති බවය. ටිපර් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව එම අනතුර සිදුව ඇති අතර අනතුරින් ලොරි රථයේ සහයක ලෙස සිටි රථයේ හිමිකරු මියගියේය.
එලෙස මියගොස් ඇත්තේ උඩවත්ත ප්‍රදේශයේ පදිංචි වසය අවුරුදු 21ක අයෙකි. එමෙන්ම ටිපර් රථයේ රියදුරු තුවාල ලබා මේවන විට මහියංගනය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |