ත්‍රිපෝෂ සම්බන්ධව රටටම සුබ ආරංචියක්.. ජනපතිට කියූ දේ මෙන්න..

Anura Kumara Dissanayaka National Health Service AKD
By Aruna Oct 06, 2024 07:25 AM GMT
Aruna

Aruna

Report

ලාභ ලබන රාජ්‍ය ආයතනයක් වන සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීම හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීම නොකරන ලෙස නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටිනවා.

ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද 2024 සැප්තැම්බර 27 වන දින අති විශේෂ ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ද ඈවර කිරීම හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීම සඳහා තීරණය කර ඇතැයි එම සංගමය අනධාරණය කරයි.

සියලුම බැංකු ගිණුම් හිමියන්ට විශේෂ පණිවුඩයක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න.

සියලුම බැංකු ගිණුම් හිමියන්ට විශේෂ පණිවුඩයක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න.


වාර්ෂිකව ලාභ ලබන ව්‍යාපාර අතර සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ වන ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ද අයත් බවද කොරෝනා වසංගතය උග්‍ර ලෙස පැවති 2020 වසරේද ත්‍රිපෝෂ සමාගම රුපියල් මිලියන 100 ක ලාභයක් ලබා ඇතැයිද පැවසේ.

ත්‍රිපෝෂ සමාගමේ 2021, 2022 සහ 2023 වසරවල ලාභයෙන් රුපියල් මිලියන 165 ක් මහ භාණ්ඩාගාරයට ලාභාංශ ලෙස ලබා දී ඇතිබවත් 2023 වර්ෂයේ ආදායම් බදු ලෙස දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 231ක් ගෙවා ඇතැයිද ප්‍රකාශ කරයි.

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේඑවැනි ලාභ ලැබීමට අමතරව, ත්‍රිපෝෂ සමාගමෙහි වටිනාකම ගණන් හැදිය යුත්තේ රජයේ වගකීමක් ලෙස ආණ්ඩු විසින් පවත්වා ගත යුතු අතිශය වැදගත් ළමා හා ගැබිණි මව්වරුන්ගේ පෝෂණය සඳහා ත්‍රිපෝෂ සමාගම ලබාදෙන දායකත්වය තම බවයි.