රනිල් නිසයි රට බේරුණේ අනුර කුමාරත් ඒ පාරෙම යනවා - මහින්ද කියන කතාව

Anura Kumara Dissanayaka Ranil Wickremesinghe Sri Lanka Economic Crisis Latest Headlines Sinhala news
By Ashfa Jul 01, 2025 05:51 AM GMT
Ashfa

Ashfa

Report

ශ්‍රී ලංකාව මුහුණ දුන් දැඩිම ආර්ථික අර්බුදය හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් අසීරු හා තීරණාත්මක පියවරයන්ම රටේ වත්මන් ආර්ථික ස්ථාවරතාවයට මූලික වුණ බව හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි.

ඉන්දියාවත් දරුණු මිසයිලයක් නිපදවයි එනපොටනම් හොද නෑ

ඉන්දියාවත් දරුණු මිසයිලයක් නිපදවයි එනපොටනම් හොද නෑ

රුපවාහිනී වැඩසටහනට එක්වෙමින් ඔහු මෙය අවධාරණය කළේය. ඒහිදී ඔහු පැවසූවේ, ආර්ථිකය බිඳවැටී සිටියදී ජනාධිපති වික්‍රමසිංහ මහතා තම දේශපාලන අනාගතය ගැන නොසිතා රට වෙනුවෙන් අවශ්‍ය වූ අභියෝගාත්මක තීන්දු තීරණ ගත් බවය.

අහිංසකිව මරාගත්තා - රත්‍රන් පවුම් 100 යි කාර් එකයි මදී තව දෑවැද්ද ඕනේ

අහිංසකිව මරාගත්තා - රත්‍රන් පවුම් 100 යි කාර් එකයි මදී තව දෑවැද්ද ඕනේ

"එම තීන්දු නොගත්නම් අද වශයෙන් තියන සාර්ථකත්වය බිඳවැටෙන්න තිබුණා," යැයිද ඔහු අවධාරණය කළේය. ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ සාකච්ඡා අතරතුරදී බොහෝවිට ජනාධිපතිතුමා සමඟ සජීවීව දුරකථනයෙන් සම්බන්ධ වෙමින් උපදෙස් ලබාගෙන තීන්දු ගත් බවද සිරිවර්ධන මහතා සිහිපත් කළේය.

එමඟින් ඔහු රටවල් සමඟ කටයුතු කළ ආකාරය හා තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළින් තමන් බොහෝ දේ ඉගෙන ගත්තේ යැයිද පැවසීය.

කන්න දුන්න බත් පතටත් වස දාලා - ගාසා අහිංසකයන්ට බෙදාදුන් පිටි බෑග් වල මත්පෙති

කන්න දුන්න බත් පතටත් වස දාලා - ගාසා අහිංසකයන්ට බෙදාදුන් පිටි බෑග් වල මත්පෙති

එසේම, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් මුදල් ලේකම් ලෙස පත් කළ පදවියට පත්වූ හැටි ගැන ඔහු කෘතඥතාවය පළ කළ අතර, පසුව ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ ආර්ථික වැඩපිළිවෙල තුළ අත්‍යවශ්‍ය තීන්දුවලට ද තම දායකත්වය ඇතැයිද පවසයි. ආර්ථිකය පවත්වාගෙන ආ ක්‍රමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් යථා තත්වයෙන් පවත්වාගෙන යාම "ඉතාමත්ම දක්ෂ තීරණයකි" යැයිද ඔහු විශ්වාසයෙන් පවසයි.

2019දී වැඩපිළිවෙල වෙනස්කිරීමෙන් ඇති වූ විනාශකාරී තත්ත්වයත්, නව නායකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා විසින් වත්මන් වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම ඓතිහාසික තීරණයක් බවද ඔහු අවධාරණය කළේය.

මීට අමතරව, එවකට ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතන සහ විවිධ රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ බවද ඔහු සිහිපත් කළේය.

ReeCha