ක්‍රිකට් දිවියේ සිය අත්දැකීම් බෙදාගැනීමට සංගක්කාර ත්‍රිකුණාමලයේදී නාවිකයන් සමඟ සුහද හමුවක්
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර නාවික විධානයේ නාවික හමුදා සාමාජිකයන් වෙනුවෙන් අත්දැකීම් පාදක දේශනයක් සහ වැඩමුළුවක් ඊයේ (23) ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතාද සහභාගී විය. වැඩමුළුවේදී කුමාර් සංගක්කාර මහතා සිය ක්‍රීඩා දිවිය ඇතුළු පෞද්ගලික ජීවිතයේ අත්දැකීම් ඇසුරින් නාවික හමුදා සාමාජිකයන්ට වටිනා අදහස් හා මඟපෙන්වීම් ලබා දී තිබේ.
විශේෂයෙන් නාවික හමුදා සේවයේදී මෙන්ම සිවිල් ජීවිතයේදීද තම අපේක්ෂිත අරමුණු වෙත ළඟාවීම සඳහා අවශ්‍ය කැපවීම, අභියෝග ජයගැනීම සහ සාර්ථකත්වය කරා යාම පිළිබඳව ඔහු අදහස් හුවමාරු කරගෙන ඇත.
නාවික හමුදා සාමාජිකයන් සමඟ සිදුකළ අදහස් හුවමාරුවකින් අනතුරුව වැඩමුළුව සාර්ථකව අවසන් කර තිබේ. මේ අතර, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවති ක්‍රිකට් තරගාවලියක් නැරඹීමටද කුමාර් සංගක්කාර මහතා එක්විය.
නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ මහතා ඇතුළු නැගෙනහිර නාවික විධානයට අයත් නෞකා සහ ආයතනවල ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන්, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලබන නිලධාරීන් මෙන්ම ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නාවිකයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.