ඇල්ල නිවසක් මතට ගල් පර්වතයක් පෙරළෙයි – 03ක් රෝහලට

Report

 ඇල්ල බල්ලකෙටුව දොඩම්ගොල්ල ප්‍රදේශයේදි මීටර් 900ක පමණ උසක සිට කඩාවැටුණු විශාල ගල් පර්වතයක් පෙරළීමෙන් නිවසක් සම්පූර්යෙණන්ම විනාශ වී තිදෙනෙකු රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

ඇල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ බල්ලකෙටුව දොඩම්ගොල්ල වසමේ තනා තිබූ නිවසක් මතටඇදහැලුනු අධික වර්ශාවත් සමග විශාල ගල් පරවත කිහිපයක් පෙරළීමෙන් එම නිවස සම්පූර්යෙණන්ම විනාශයට පත්ව ඇති බව සදහන්ය .

නිවසේ ඇද මත නිදාගෙන සිටි යුවලක් බරපතල තුවල ලබා බදුල්ල ශික්ශණ රෝහලට ඇතුලත් කර ති අතර අසල නිවසක සිටි පුද්ගලයෙක්ද ඇතිව තිබූ කම්පනය හේතුවෙන් රෝහල් ගත කර ඇත.

මොට ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කෙරේ

මොට ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කෙරේ

තවද ඉතා දුෂ්කර පළාතක පිහිටා ඇති මෙම ස්ථානයේ හානිය පරික්ෂාකර රජයෙනන් සිදුවිය යුතු සහන කටයුතු පිළිබඳව සොයා බැලීමට ඇල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති වෙනුර මලින්ද, කොට්ඨාශ බාර දේශපාලන අධිකාරියද ඇල්ල ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ ආපදා නිලධාරින් ඇතුලු පිරිසක් මෙම ස්ථානය නිරීක්ෂණය කර ඇත.